Sunday, May 16, 2010

වෙසක් කූඩු


අද වෙසක් කූඩු හදන්න පටන් ගත්තා. කාලෙ සල්ලි වලින් මනින කාලෙක වෙසක් කූඩු හදන්න කාලෙ හොයා ගන්න එකත් අමාරු දෙයක් තමයි. ඒ උනත් මගෙ පුංච් පුතා ලෝ‍කෙ අදුන ගන්න කාලෙදි අපේ සංස්කෘතියේ හැම දෙයක්ම ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕනෙ කියන එක මම තදින් විශ්වාස කරනවා.
ලේසි වැඩේ කඩෙන් කූඩුවක් ගේන එක තමයි. ඒ ලේසිය අස්සෙ අපේ ඇත්තො අමතක කරන දෙයක් තියෙන‍වා. ඒ තමයි අපේ ජාතිය කලාවට සමීප කරන එක දෙයක් තමයි වෙසක් කුඩුව කියන්නේ. අවුරුද්ද කෙළි සෙල්ලමෙන් ගත කරන සිංහලයා වෙසක් කාලෙත් එක්ක බොහොම ඉවසීමෙන් එක තැනක ඉදන් ලස්සන ලස්සන කැටයම් දාපු වෙසක් පහන් හැදුවා. මම පහන් කි‍ව්වෙ ඒ කාලෙ ගොක් කොල පාවිච්චි කරපු නිසා. අද ඒ ලස්සන ගොක් කොල කැටයම් කරන්න පුලුවන් කෙනෙක් හොයා ගන්නවත් පුලුවන්ද? ඊට පස්සෙ කඩදාසි කූඩු ආවා. බාගයක් සල්ලි වලට. ඒත් කලාව ජාන වලින් අරන් ආව අපේ අය අලුත් අලුත් නිර්මාණ කලා. ‍වෙසක් කූඩුවක් හදද්දි සිංහලයා කලා‍වට අමතරව ඉවසීමත් ප්‍රගුණ කල බව මම ආයෙත් මතක් කරනවා.
කොහොමින් හරි මනුස්සකමත් රුපියල් සත වලින් මනින යුගේ ආවා. වෙසක් කූඩුවට මිලක් නියම උනා. හරිම ලේසියි, ලස්සනයි, සල්ලි දුන්නා ගත්තා එල්ලුවා. හැබැයි ‍ඒ කාලෙදි අපේ ඇත්තො ඒකෙන් ලබපු සතුට (පින) අද ලැ‍බෙනවද? ඒ කාලෙ හැමෝම එකතුවෙලා හදපු මහා කූඩු අද හදන‍්නෙ මුදලාලිලා. පෝලිමේ ඉදලා පොඩි? ගානක් ‍ගෙවලා ඇතුලට ගිහින් බුද්ධාලම්බන ප්‍රීතිය ලබන්න පුලුවන්. සමහර තැන්වල ටිකට් නෑ ආධාර විතරයි. අලුත්ම සින්දු බණ එකතු කරලා (සමහර විට ඒකෙ අනිත් පැත්ත) කිව්වම හුගක් සල්ලි ලැබෙනව.
අනික මේ කූඩු හැදුවෙ විනාශ වෙන දේවල් වලින්. පරිසරය ගැන කියනවා නෙවේ, වෙසක් කූඩු වැස්සෙන් හේදිලා අව්වට කරවෙලා විනාශ වෙනකොට සිංහල ‍බොදුනුවා සංසා‍ර ගමන ඒ දිහා බලලා මෙනෙහි කලා. ඇතිවන සියල්ල නැති වෙන සුලුයි. සබ්බේ සංස්කාරා අනිච්චා.
අද? කුඩුවට පිටින් පොලිතින් දානවා. අනේ වැස්සට තෙමෙන‍වට. ලෝබයි. කොහොම හරි පරිස්සම් කර ගත්තොත් එන අවුරුද්දෙත් පාවිච්චි කරතෑකි, සල්ලිත් ඉතිරියි.
මේක ෆැන්ටසියක් නෙමේ. හෙට අනිද්දා අපි ‍ඉටිකොල කූ‍ඩු ගෙන්නනවා චීනෙන්.  හැම අවුරුද්දෙම වෙසක් එකට එලියට අරන් පාව්ච්චි කරනවා. ඊලගට අපි ලේසර් හොලොග්‍රෑම් කූඩු ගේනවා. ඉඩක් යන්නෙත් නෑ, වෙලාවකට අටපට්ටම ඊලගට තරුව.....
ඇත්තටම අපි යන්නෙ කොහෙටද? වෙලාවකට මටම හිතාගන්න බෑ. මගෙ බ්ලොග් එක කියවලා මගේ ලෝකෙ අදුන ගන්න උත්සාහ කරන ඇත්තො හිතාවි ඒක හුගක් පටුයි කියලා. ඒත් මොනව කරන්නද මේ මගේ ලෝකෙ වෙච්චි කොට?

Mother Lanka

Saturday, May 15, 2010

විකුණණ විකිණෙණ ලෝකය................


හැම දෙයක්ම වි‍කිණෙණ ලෝ‍කෙ ටියුෂන් සර්ලා තමන්ව විකුණගන්න දමන වීරිය දැක්කම පුදුම වෙන්න දෙයක් නෑ. මේ පෝස්ටර් එක දැක්කම අඩන්නද හින‍ාවෙන්නද කියල මට නම් තේරෙන්නෙ නෑ. 300 ෆිල්ම් එක බලපු කෙනෙකුට සමහරවිට කෙන්ති යන්නත් පුලුවන් ඒ තරම් ලස්සන ෆිල්ම් එකත් කනව කියල. ඒත් බුදු හමුඩුරුවන්වත් විකුනන් කන සමාජෙක මේක මොන කජ්ජ්ක්ද.

ඔක්කොම පිස්සො .......

ඇත්තටම පිස්සු පිස්සන් කියලා අපි කොටු කරල ඉන්න අයද? එහෙම නැත්තන් අපිද?
පිස්සු හැදුන ‍අපි පිස්සු නැති මි‍නිස්සු අල්ලල පිස්සන් කොටුවට දාලා වෙන්න බැරිද? අපි කොහොමද මේ දෙක වෙන් කරන ඉර හරියටම අ‍දුන ගන්නෙ? මේකෙ බැරෑරැම් කම ගැන මතක් වෙන්නෙ බුදු හාමුදුරැවො කියපු - සබ්බේ සත්තා උන්මත්තකා - වචන පෙල ගැන හිතනකොට

අපිත් පි‍ස්සො කොට පිස්සො කියල ලේබල් ගහල පිස‍්සො ටිකක් විතරක් කොටු කරල තියෙන එකේ  සාධාරණ කම ගැන මට කියල දෙන්න. එක්කො එයාල එලියට ගමු නැත්තන් අපිත් ඇතුලට යමු. ඇත්ත තිත්ත උනත් අපි ‍සේරම පිස්සො තමා .............................

My World

I don't think that there is an exact shape for the World, even though lots says that its round. We all have our own worlds. The world that we show to the public Or the world that public see is a lie.
This is my World. It’s up to you to decide the shape of that world. Honestly it’s up to you but not to me.

- Sawi –